ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියානු අපනයන මත පැනවූ සියයට 50 ක තීරු බද්ද අද සිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව, ඇඟලුම්, ස්වර්ණාභරණ, ඉස්සන්, ගෘහ භාණ්ඩ ඇතුලු ඩොලර් බිලියන 60. 2 ක වටිනාකමකින් යුත් ඉන්දියානු අපනයන මත මෙම බද්ද ක්‍රියාත්මක වනු ඇති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ මීට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ඉන්දියාවට පවතින බවයි.