මියන්මාරයේ සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු මුදා ගෙන තිබෙනවා.
එම පිරිස මේ වන විට එරට හමුදා කඳවුරක සිටින බවයි මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.
ශ්‍රී ලාංකිකයින් 17දෙනෙකුට අධික සංඛ්‍යවක් මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් යොදවා සිටින බවට තොරතුරු ලැබී තිබුණා.
සංචාරක වීසා මත රැකියා සඳහා ගිය පිරිසක් මෙලෙස සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසුව තිබෙනවා.
මින් පෙර අවස්ථා කිහිපයකදී ද සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දැඩි පරිශ්‍රමයකින් පසුව මුදා ගනු ලැබුවා.













