අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින්ගේ දීමනාව අද අස්වැසම ප්‍රතිලාභ බැංකු ගිණුම් වෙත බැරකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
එහි සභාපති ජයන්ත වීජේරත්න සඳහන් කළේ, ඒ අනුව ප්‍රතිලාභ ගිණුම් මගින් අදාළ දිමනා අද සිටම ප්‍රතිලාභීන්ට ලබා ගැනීමට හැකි බවයි.
දීමනා ලාභීන් පන්ලක්ෂ අනූ දෙදෙහස් හත්සිය හැට හයක් සඳහා රුපියල් මිලියන 2963කට අධික මුදලක් අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කර ඇති බවද ඔහු සඳහන් කළා.