38වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා සිට 14වනදා දක්වා පැවැත්වෙනවා.
ඒ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක උත්සවය පැවැත්වෙනවා.
තරගාවාලියේ දී කණ්ඩායම් තරග 31ක් ඇතුළුව ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
දිවයින පුරා පාසල් 1,170ක අධ්‍යාපනය ලබන 15,000ක දරු දැරියන් මෙවර කණ්ඩායම් තරග සඳහා සහභාගි වනවා
ඉන් මලල ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000 සහභාගිවීමට නියමිතයි.
සමාප්ති දින ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංඛේත, පදක්කම් සහ සහතික ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබෙනවා.