මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති නිශ්චිත සංචාරකයින් ප්‍රමාණය දොළොස් ලක්ෂ හාරදහස් හතලිස් හයක් වනවා .
එම අධිකාරික සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ජූලි මාසයේ පළමු දින 6 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 36,002ක් බවයි .
ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 8,053ක් .
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක් පැමිණ තිබුණා .
එමෙන්ම ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.
උණුසුම් පුවත්
- අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රදර්ශනයට
- තවත් සැකකරුවන් 678ක් අත්අඩංගුවට
- අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
- උතුරේ සහ දකුණේ මත්ද්‍රව්‍ය වැටලීම් වැ
- රන් මිල තවත් පහළට
- නව ජාතික බුද්ධි ප්‍රධානී වැඩ අරඹයි
- නාරාහේන්පිට ගින්න මැඩපවත්වයි
- ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට











