ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිදු කළ පැමිණිල්ලකට අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු කාර්යාලයේදී ඊයේ පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. සැකකරු විසින් දෙමටගොඩ, කොලොන්නාව පාරේ පවත්වාගෙන යනු ලබන ආයතනයක මෙම වර්ෂයට අදාළ බදු නිෂ්කාශන වාර්තාව නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස මෙලෙස ඉල්ලා ඇති බව සඳහන්. කෙසේ වෙතත් පසුව එම මුදල රුපියල් 50,000 ක් දක්වා අඩුකර ඇති අතර ඉන් රුපියල් 42,000 ක මුදලක් ඔහු විසින් පසුගිය තුන් වැනිදා ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉතිරි රුපියල් 8,000 ක මුදල ඊයේ දිනයේදී ලබා ගැනීමට යාමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














