ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ වයඹ, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.













