
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ පනත් කෙටුම්පත සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර එය ඊයේ දිනයේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවයි සදහන් වන්නේ. ඒ අනුව 2027 මුදල් වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් හාරදහස් නවසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූඅට දහසක් වශයෙන් ඇස්තමේන්තු කර තිබෙනවා.














