මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ වෘත්තීය ගැටලු අතර, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර පිරවීම, යතුරු පැදි ලබා ගැනීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව කඩිනම් කිරීම, පුහුණුව සඳහා අලුතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම, සේවාස්ථ පුහුණු පාඨමාලාවන් ආරම්භ කිරීම, රාජකාරී වේලාව සංශෝධනය කිරීම, ඩිජිටල් සෞඛ්‍ය පද්ධතියක් සකස් කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සියලු ශ්‍රේණි සඳහා වෙන වෙනම රාජකාරී ලැයිස්තු සකස් කිරීම, මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලාවන් කඩිනම් කිරීම, ආහාර සාම්පල පරීක්ෂණ රසායනාගාර පළාත් මට්ටමින් ස්ථාපිත කිරීම, ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක වලින් සිදුවන සේවාව ශක්තිමත් කිරීම සඳහා දායකත්වය ලබා දීම වැනි කරුණු පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කරමින් මෙහි දී සාකච්ජා කළා.
එම කාලීන ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ එම අවස්ථාවේ දී ම සාකච්ඡා කර එම ගැටලු කිහිපයක් සඳහා එම අවස්ථාවේ දී ම විසදුම් ලබාදීමට පියවර ගත් අතර අනෙකුත් ගැටලු සඳහා ඉදිරියේ දී මධ්‍ය කාලීන හා දිර්ඝ කාලීන ලෙස විසදුම් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළා.