අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මිරිහානේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් පෞද්ගලික නිවසේ දී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
2022 වසරේ මැයි මස 9 වන දින ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහි සැකකරුවෙකු ලෙස නම්කර තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ
සිද්ධියට අදාළව දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර එය අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුනා.