රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග භාවිත කළ මෝටර් රථවල දෙවන කාණ්ඩය අනිද්දා දින හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
එහිදී වාහන 196ක් මෙරටට පැමිණීමට නියමිත බව සදහන්.
මේ අතර භාවිත කළ මෝටර් රථවල පළමු කාණ්ඩය තායිලන්තයේ සිට කොළඹ වරායට පැමිණියා.
ඒ අනුව ඉදිරියේදී ජපානය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් මෙලෙස වාහන ගෙන්වීමට නියමිත බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රෝද්‍රිගෝ මහතා කියා සිටියේ.