කළුතර දකුණ පොලිස් වසමේ පලාතොට – නාගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක් යතුරුපැදි දෙකම එකවර ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදි දෙක එකිනෙක ගැටී මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් හා පසුපැදිකරුවන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබුනා.
රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පසු පසුපැදිකරුවෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙක්