NATIONAL YOUTH APP නමින් තරුණ තරුණියන් සඳහා නව මාර්ගගත මෘදුකාංගයක් මෙම වසරේ එළි දැක්වීමට බලාපොරොත්තු වන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ,ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පවසනවා.
එසේම රටේ සංවර්ධනයට තරුණ තරුණියන් දායක කර ගැනීම සඳහා තරුණ තරුණියන් ආකර්ෂණය කර ගත හැකි සාම්ප්‍රදායික නොවන නව වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි ඔහු සදහන් කළේ.
අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසුවා.
වර්තමාන තරුණ්‍යයට ගැළපෙන ආකාරයට තරුණ සේවා සභාවේ ක්‍රියාවන් නවීකරණය කරමින් සිටින බවද සභාපතිවරයා එහිදී සඳහන් කළා.
මෙවර පැවැත්වෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් නව ක්‍රීඩා ඉසව් 03ක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින තරුණ තරුණියන් ට එකතුවීමට මල්ටි මොඩල් සෙන්ටර්ස් නමින් මධ්‍යස්ථාන හඳුන්වා දීමටත් බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩි දුරටත් එහිදී සදහන් කළේ.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














