NATIONAL YOUTH APP නමින් තරුණ තරුණියන් සඳහා නව මාර්ගගත මෘදුකාංගයක් මෙම වසරේ එළි දැක්වීමට බලාපොරොත්තු වන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ,ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පවසනවා.
එසේම රටේ සංවර්ධනයට තරුණ තරුණියන් දායක කර ගැනීම සඳහා තරුණ තරුණියන් ආකර්ෂණය කර ගත හැකි සාම්ප්‍රදායික නොවන නව වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි ඔහු සදහන් කළේ.
අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසුවා.
වර්තමාන තරුණ්‍යයට ගැළපෙන ආකාරයට තරුණ සේවා සභාවේ ක්‍රියාවන් නවීකරණය කරමින් සිටින බවද සභාපතිවරයා එහිදී සඳහන් කළා.
මෙවර පැවැත්වෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් නව ක්‍රීඩා ඉසව් 03ක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින තරුණ තරුණියන් ට එකතුවීමට මල්ටි මොඩල් සෙන්ටර්ස් නමින් මධ්‍යස්ථාන හඳුන්වා දීමටත් බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩි දුරටත් එහිදී සදහන් කළේ.
උණුසුම් පුවත්
- Pin Up – Azrbaycann n yax kazinosu Rsmi sayt.3915
- Glory Casino Login.21025
- මාදම්පිටියේ දී අයිස් සමග තරුණයෙකු අත්අඩංගුවට
- 1win зеркало сайта букмекерской конторы 1вин.479 (2)
- ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්
- වර්ශාපතනය සම්බන්ධයෙන් නිවේදනයක්
- ජීවන් තොන්ඩමන්ගේ විවාහ උත්සවයට හිටපු ජනපති සහ මැති ඇමතිවරු රැසක්…
- රටේ සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රගතියක්











