Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සජබ – එජාප දිගේට අරක්ගත් භූතයෝ දෙන්න රවී හෙළිකරයි

    සජබ – එජාප දිගේට අරක්ගත් භූතයෝ දෙන්න රවී හෙළිකරයි

    2025-05-26කියවීමට මිනිත්තු 4ක් ගතවේ.119 නැරඹු​ම්
    සජබ - එජාප දිගේට අරක්ගත් භූතයෝ දෙන්න රවී හෙළිකරයි
    සජබ - එජාප දිගේට අරක්ගත් භූතයෝ දෙන්න රවී හෙළිකරයි
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතුවක් ඇති කිරීමට නොදෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ සිටින භූතයන් දෙදෙනෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.
    ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

    අදාළ මාධ්‍ය හමුවේදී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසුවේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන් කොළඹ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වුවද කිසිදු ආකාරයකින් සම්බන්ධ කර ගැනීමක් සිදු නොවූ බවයි.

    සජබෙ සහ එජාපය අතර එකමුතුවක් ඇති කිරීමට යාමේදී එජාපයේ ඇතැම් පුද්ගලයන් එය නොකෙරෙන තැනට කතා කරන බවත් සජබේ එවැනි අය සිටිත්ද යන්න නොදන්නා බවත් ඔහු පවසනවා.
    එසේම තමාට එක්සත් ජාතික පක්ෂයේ ඇති තනතුරු නැති වුවද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කරන බවද රවී කරුණානායක මහතා පවසවනවා.

    මරික්කාර් කොළඹ මනුස්සයා කොළඹ මනුස්සයාට දෙන්නේ නැහැ කියලා… එයා කියනවා මේකට එයාව සහභාගි කරගන්නේ නෑ කියලා. ඔබත් කියන්නේ ඔබවත් සහභාගි කරගන්නේ නෑ කියලද?

    ඔව්. මම මන්ත්‍රීවරයා වශයෙන් පත් උනාට පසුව විතරක් නෙමෙයි ඊට පෙර වුණත් අර දෙන්නා ඒගොල්ලන් තනි තීන්දු තුළ යම් විදියකින් අපි කොළඹ යම් ලයිස්තුවක් හදාගෙන යනකොට අපිව නොදන්නවා වෙනින් පුද්ගලයෙක් ගෙනල්ලා දාලා තියෙන ලැයිස්තුවට. ඒකෙ ඉරණම එදා පෙනුනා… ඒකේ ඉරණම අද කොළඹ නගර සභාවේ නගර සභා ඡන්ද තුල දිස්ත්‍රික්කයේ 13ක් තියෙනවා ඒ දහතුනේම පේන්න තියෙනවා සැබෑ තත්ත්වය.

    දැන් එකමුතුවක් හැදීගෙන යනවා පේනවද මේ පළාත් පාලන මේ මැතිවරණයෙන් පස්සේ ප්‍රමාණවත් නැද්ද ?

    මේ එකමුතුව ඇති කරන්නම අවශ්‍යයි. හැබැයි ඇති කරන්න දෙන්නේ නැත්තේ අපේ පක්ෂ පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයෙන් අර භූත දෙන්නා. අර අනිත් පක්ෂවලත් ඔය වගේ දෙන්නෙක් තුන්දෙනෙක් ඇති. මට කතා කරන්න පුළුවන් වෙන්නේ අපේ පැත්තෙන්. ඒ නිසා මං ඉතාමත් ඕන කමින් කියන්නේ අපි සියලු දෙනාම ඒකරාශි වෙමු.

    ආශ්‍රීත පුවත්:  සජබෙ දෙදරයි - ආසන සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි - VIDEO

    නැත්නම් ඡන්ද දාන ඡන්දදායක හිතනවා මේ එක පක්ෂයක් දෙකට කැඩිලා අන්තිමට සුන්බුන් වෙලා අද රට තියෙන තත්ත්වය මොකක්ද කියන එක තමයි ඇති වෙන්නේ. අපට තියෙන ඉරණම මේ ජනතාව වෙනුවෙන් ඒකරාශී කරලා එකමුතු ඇති කරන්නේ.

    මේකේ යම් විදිහකින් දැන් පාලන බලය ගත්තට පසුව දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාම කියනවා එතුමා දැන් ජනාධිපති වුනාට පස්සේ එක්සත් ජාතික පක්ෂ ස්ථාවරය යම් විදියකින් ඉදිරියට දේශපාලනය කරන්නේ නෑ කියලා. ඒ තියෙන වාතාවරණය ඇති කරලා දෙන්න අවශ්‍යයි. එකමුතුව වැඩකරගෙන එකට ඉදිරියට යන්න. මේක තනි පුද්ගලික බූදලයක් නෙවෙයිනේ කාගෙවත්.

    එතුමා අද ප්‍රාණ ඇපකරුවෙක් වෙලා තියෙනවා අර දෙපොල තුළ. මං කිව්වා මේ ඡන්දෙ නාම යෝජනා ඉදිරිපත් වුනාට පසුව මේ ගැන සවිස්තරව අපි සියලු දෙනාත් එක්කම එකට තියලා කතා කරලා රටේ අභියෝගෙට එකමුතු වෙන්න අවශ්‍යයයි.

    එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි අනෙක් සියලුම පක්ෂ වැඩ කරන්න අවශ්‍යයි. වැඩියෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය.

    දැන් වැඩියෙන්ම එක්සත් ජාතික පක්ෂයක් හදනවා එකතු වෙන්න හදනවා. නමුත් එජාපේ හිටියේ ඔබව පැත්තකින් තියනවා වගේනේ.

    අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ අනිත් එක අපි අහන්නේ. ඔබතුමා ඔහොම කියනවා. තමාලා ඒගොල්ලෝ කියලා එකට වැඩ කරන්න ඕනේ කියලා. ඉන්න එකා එදා බෙල්ල දාගෙන අනවශ්‍ය ප්‍රශ්නවලට නැගී සිට පස්සේ මම අගය කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්තා එතුමයි තිබ්බේ කියලා ඇත්ත තත්ත්වය එහෙම තියාගෙන තාම මේ දෙන්නම්.

    ඕක කරන්න හදන්නේ මොකද අපි ආවට පසුව අපි මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 26ක් විතර ඉඳලා තියෙනවා. මේ අය අවුරුදු දහ පහළොවයි. ඉතින් ඊට පස්සේ ඒ ගොල්ලන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නැති එකට කුමන්ත්‍රණශීලිව කරන දේවල්.

    සමගි ජන බලවේගය තුළත් ඉන්නවද එජාපය සමග එක්වීමට බලපෑම් කරන අය?

    එක්සත් ජාතිය පක්ෂය ඇතුලේ එකේ එකතුවෙන්න බැරි වෙන විදිහකට යම් දේවල් ප්‍රශ්න කරනවා. අර පක්ෂයේ මොනවද වෙන්නේ කියලා මම දන්නෙ නෑ.

    ආශ්‍රීත පුවත්:  ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා - සජිත්ගෙන් චෝදනා - VIDEO -

    මොකෝ ඒක වෙනින් පක්ෂයක්. නමුත් මට පේන විදියට කතා කරන විදිහට ඒකේ හුඟදෙනා…. 99%ක්ම එකතු වෙන එක තමයි එකම විසඳුම කියන එක කතා කරගෙන යනවා.

    ඉතින් ඒක කරන්න ම අවශ්‍යයි. මට මගේ තියෙන තනතුරු නැති උනත් කමක් නෑ මං මේ දෙක ඒකාබද්ධ කරනවාමයි. ඒ ඒකාබද්ධ කරනකොට ඒකෙ දෙන්නා නම් ප්‍රශ්නේ මේ භූතයෝ දෙන්න අපි අයින් කරලා කටයුතු කරනවා.

    නැත්නම් ඒ දෙන්නටත් කියන්නේ. කරුණාකරලා මං කරලා තියෙන වැරැද්ද මොකක්ද මේ සම්බන්ධයෙන් මේ එක්සත් ජාතික පක්ෂයට. තමාලා කරපු ප්‍රශ්න තුළින් ඇතිවෙලා තියෙන දේවල්වලට පළිගන්නේ මගෙන්ද නැත්නම් තමාලගේ අදක්ෂතාවයටද?

    ජනාධිපති කාර්යවල හිටියේ එක භූතයෙක්. පාර්ලිමේන්තුවේ හිටියා තවත් එක්කෙනෙක්.

    ඉතින් මේ දෙන්නා තුළ එක්සත් ජාතික පක්ෂය නැති වුණාම අනෙක් අයට බැනලා වැඩක් නෑ.

    දැනටත් බාධාව ඔබ මේ එකතු වෙන්න තියෙන බාධාව ඔවුන් දෙදෙනාද ?

    මං ඒක අනිත් ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලාත් මං කියනවා. ඒ දෙන්නා විතරයි.

    අනෙක් අය කට්ටිය ඔබ සමග සාකච්ඡා කරනවා

    ඔව්. අනෙක් අය සමස්තයක් වශයෙන් කතා කරනවා. මට නම් කියන්න බෑ.

    Ravi Karunanayaka ravi karunanayake samagi jana balawegaya SJB United National Party unp
    පෙර පුව​තකුඩු සමග 03ක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කරයි

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group