අම්බලන්තොට, ධර්මපුරම් සහ මනම්පිටිය යන ප්‍රදේශවලදී ගිනි අවි සමග පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ අම්බලන්තොට, පස්කට්ට හන්දිය ආසන්නයේදී සිදු කරන ලද වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වැලිගම, වලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් පමණ වන පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ධර්මපුරම් යුනිට් 10 ප්‍රදේශයේදීද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ධර්මපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
මෙහිදී වයස අවුරුදු 26ක් පමණ වන යුනිට් 10, ධර්මපුරම්හි පදිංචි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවෙක් මනම්පිටිය නගරයේදී මනම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 45ක්වන සැකකරු දළුකාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු සම්බන්ධයෙන් මනම්පටිය පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.