බූස්ස බන්ධනාගාරය රැඳවියන් දෙදෙනෙක් අදත්)20) එහි වහල මත නැගී විරෝධතාවයක නිරත වනවා.
ඒ බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරනු ලබන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින්.
මෙම සෝදිසි කිරීම්වලට විරෝධය පළකරමින් පසුගිය 18 වැනිදා රැඳවියන් 5 දෙනෙකු බන්ධනාගාරයේ වහල මත නැගී විරෝධතාවයක් ආරම්භ කළා.
ඔවුන් මේ වන විට විරෝධතාවය අවසන් කර ඇති පසුබිමක අද දිනයේදී ද රැඳවියන් දෙදෙනෙක් වහලය මත නැගී විරෝධතාවයේ නියැලෙන බවයි වාර්තා වන්නේ.