පිටකොටුව, 1 වන හරස් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි වෙලෙඳ සැලක ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 12ක් යොදාගෙන තිබෙනවා.
එසේම ගින්න නිවීම සඳහා ගුවන් හමුදා ට්‍රක් රථ දෙකක්ද යොමු කෙරුණු බවයි ගුවන් හමුදාව පවසන්නේ.
එසේම බෙල් 212 ගුවන් යානයක්ද ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදා ගැනුණා.