අනුරාධපුර රණෝරාව ප්‍රදේශයේ අසාද්‍යව රැදී සිටි වයස අවු. 6ක පමණ වූ වනඅලියකු රක්ෂිතය තුල නිර්වින්දනය කර ප්‍රතිකාර සිදුකිරීම ආරම්භ කර ඇත.
එම වන අලියා හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මුඛයට හනී වී ආහාර හා ජලය ගැනීමට නොහැකිව අසාද්‍යව වී සිට ඇති අතර අනුරාධපුර පණ්ඩුලගම වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති මෙනෙවිය ඇතුලු වනජීවි පශුවෛද්‍ය ඒකක නිලධාරීන් හා කුකුල්කටුව වනජීවි නිලදාරීන් මහත් පරිශ්‍රමයක් දරා එම අලි පැටවාට ප්‍රතිකාර සිදුකර ඇත.
නිර්වින්දනය කළ වන අලියා ප්‍රතිකාර අවසානයේදී ඉතා අනපේක්ෂිත අයුරින් වනජීවි නිළධාරීන් පසුපස පන්නා පහර දීමට උත්සාහ කළ අතර එහිදී වනජීවි නිලධාරීන් දිවගොස් එම අවස්ථාවෙන් බේරීමට කටයුතු කර ඇත.