අන්තර් සමාජ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය අධියර 2ක් යටතේ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ඒ අනුව පළමු අධියර අද සිට ලබන 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අනතුරුව මාසයනට වැඩි කාලයක් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය හේතුවෙන් මෙම තරඟය අත්හිටුවනු ලබනවා.
අනතුරුව දෙවැනි අධියර ලබන ජූලි මස 26 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content