ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ජුනි 29 දක්වා පැවැත්වීමට නියමිත රැස්වීම් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කර ඇතැයි වාර්තා වනවා.එහෙත් එම ලැයිස්තුවට පකිස්තානය ඇතුළු කර නොමැති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය වාර්තා වන්නේ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනම් ණය සහනයක් අපේක්ෂාවෙන් පසුවන අවස්ථාවකදීයි.
අර්බුදයෙන් ගොඩඒම සඳහා පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය සහනය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක්.
එහෙත් ආර්ථික අර්බුදය උග්‍රවීම හමුවේ පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1 ක කඩිනම් ණය සහනයක් ඉල්ලා තිබෙනවා.
එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීමට හෝ දෙපාර්ශවය අතර අවසන් එකගතාවකට එළඹීමට පකිස්තානය අපොහොසත් වීම හමුවේ IMF ණය සහනය තවදුරටත් ප්‍රමාද වීමට එය හේතු වී තිබෙනවා.
උණුසුම් පුවත්
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
- නුගේගොඩත් වෙඩි පත්තුවෙයි













