බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අදත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවද ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා
- අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි
- බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්
- පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට
- අමු ඉඟුරු මිල ඉහළට
- වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට
- මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට













