ගොවි සංවිධාන දහසකට වැඩ දහසක් මුල්කර ගනිමින් ගොවි ජනතාවගේ කෘෂි අස්වැන්න රැගෙන යන මාර්ග සංවර්ධනය කිරීම පොළොන්නරුවෙන් ආරම්භ කෙරුණා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි බී කලාපයට අයත් ගොවි බිම්වල සිට වෙළඳපලට අස්වැන්න රැගෙන එන මාර්ග රැසක් අබලන්වීම නිසා ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා.
ඔවුන්ට සහනයක් වෙමින් මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද බී 6 යටතේ පවතින මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
වසර ගණනාවක් පුරා මෙම මාර්ග අබලන්වීම නිසා ජනතාවට ආර්ථික වශයෙන් ද ගැටලු රැසකට මුහුණදීමට සිදුවුණා.