ගිනිගත්හේන නගරය හරහා ඊයේ(26) රාත්‍රී ධාවනය කළ වාහන 12ක් දින 14කට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව ගිනිගත්හේන පොලිසියේ රථ වාහන ංශයේ නිලධාරීන් පවසනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂක ජාලිය බණ්ඩාර, මෝටර් රථ පරීක්‍ෂක ඉන්දික කරුණාරත්න යන මහත්වරුන් ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සහ හැටන් පොලිස් කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් එක්ව ඊයේ(26) දින රාත්‍රීයේ ගිනිගත්හේන නගරය හරහා ධාවනය වන ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 65ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
පරීක්‍ෂා කළ වාහන අතරින් වාහනවල මුල් ආකෘතිය වෙනස් කිරීම, අන්ත්‍රාදායක ලෙස වාහනවල අමතර කොටස් සවිකිරීම සහ වාහනවල තිරිංග පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම යන චෝදනා යටතේ පෞද්ගලික බස් රථ 4ක්, ලොරි රථ 6ක්, ඉන්ධන ප්‍රවාහන බවුසරයක් ඇතුළු වාහන 12ක ආදායම් බලපත්‍රය මෝටර් රථ පරීක්‍ෂකවරුන් භාරයට ගෙන එම වාහනවල තිබෙන අඩුපාඩුකම් සපුරා යළිත් එම වාහන මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට යොමු කරන තක් එම වාහන ධාවනය කිරීම දින 14කට පරීක්‍ෂකවරයාගේ පරීක්ෂාවට යොමු කරන තෙක් එම වාහන ධාවනය කිරීම දින 14කට තහනම් කරනු ලැබූ බවයි ගිනිගත්හේන පොලිසියේ රත වාහන අංශයේ නිලධාරීන් කියා සිටියේ.












