මාරක රිය අනතුරු 05ක් හේතුවෙන් දවස් 11ක බිළිඳියක්, පාසල් සිසුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
වීරවිල, පුත්තලම, වැලිවේරිය, පුදුකුඩිඉරිප්පු සහ පොල්ගහවෙල පොලිස් වසම්වලදී ඊයේ මෙම අනතුරු සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
හම්බන්තොට – වීරවිල මාර්ගයේ තුරුසෙවණ ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රීරෝද රථයක ගැටී අනතුරට පත්ව තිබෙනවා.
එහිදී ත්‍රීරෝද රථයේ ගමන්කළ එකම පවුලේ මව, පියා, දරුවෙකු සමග බිළිඳියක් තුවාල ලබා තිස්සමහාරාම රෝහලට ඇතුළත් කර තිබෙන අතර ප්‍රථිකාර ලබමින් සිටියදී බිළිඳිය මියගොස් ඇති බවයි සඳහන්.
යාංගල්මෝදර – නාරම්මල මාර්ගයේ නයිනදෙණිය හන්දියේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී වූ අනතුරක් නිසා 16 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර පුත්තලම – කොළඹ මාර්ගයේ පාලවිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් පැදිකරු මියගොස් පසුපැදිකරු තුවාල ලබා තිබෙනවා.
මුලතිව් – පරන්තන් මාර්ගයේ වෙල්ලම්පලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක් ගැටී වූ අනතුරකින් තරුණයෙක් මියගොස් තිබෙන බවයි පොලිසිය පැවසුවේ.