මෙරට 37 වන පොලිස්පති ධූරයට පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද සිය නිල රාජකාරී ආරම්භ කළා.
ඒ පොලිස් මූලස්‌ථානයේදීයි.
විශේෂ පොලිස් රථවාහන පෙළපාලියකින් පොලිස් මූලස්ථානයට පැමිණි පොලිස්පතිවරයා පිළිගනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින්.
පසුව ඔහුට පොලිස් උත්තමාචාර ද පිරිනමනු ලැබුවා.
1969 වසරේ පෙබරවාරි නමවන දින උපත ලැබූ නව පොලිස්පතිවරයා දොඩංගොඩ නෑහින්න කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබෙනවා .
ඉන් අනතුරුව කළුතර ඥානෝදය මහ විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපන කටයුතු සිදුකර තිබුනා.
ඒ මහතා 1988 වසරේ පස්වෙනි මස 20 වනදා ශ්‍රී ලංකා පොලිසියට කනිෂ්ට තනතුරකින් ඇතුළත් වී තිබෙනවා.
පොලිස්පතිවරයා වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් රැසක් එක්වුණා.
මෙහිදී නව පොලිස් ප්‍රතිවරයා කියා සිටියේ බියෙන් සැකයෙන් තොරව හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලු දෙනා සහාය ලබාදිය යුතු බවයි.
එමෙන්ම විනයානුකූල පොලිසියක් බිහිකිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියා