නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත නුදුරේදීම කෙටුම්පත් කර අවසන් කළ හැකි බව ඒ සඳහා පත්කළ විද්වත් කමිටුව පවසනවා.
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව අධිකරණ අමාත්‍යාංශයේ දී පසුගියදා රැස්වුණා.
ඒ කමිටු සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රදානත්වයෙන්.
පනත් කෙටුස්පත සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡාව හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් , සිවිල් සංවිධාන අදහස් හා ජාත්‍යන්තර ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ලබා ගැනීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වුනේ.
ගෝලීය ත්‍රස්තවාදී අභියෝගවලට මුහුණදීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සකස් කෙරෙන්නේ