නීති විරෝධීව මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් අද අලුයම ඩෙල්ෆ්ට් දූපත මුහුදු තීරයේදී ශ්‍ර ී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ධීවරයින් ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවර වරායේ සිට මසුන් ඇල්ලීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට මුහුදු සීමා නීති උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීමේ චෝදනාව මත මෙම ඉන්දීය ධීවරයින් දස දෙනා සහ ඔවුන්ගේ යාත්‍රාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුව ගත් පිරිස සහ යාත්‍රාව කරෙයිනගර් නාවික හමුදා කඳවුර වෙත රැගෙන යනු ලැබුවා.
මෙම පිරිස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත අතර අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි










