සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හේවත් අලි රොෂාන් නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
බලපත්‍රයක් නොමැතිව අලියෙකු සන්තකයේ තබාගැනීමේ චෝදනා දෙකකට වරදකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම දඬුවම නියම කර තිබෙනවා.
වසර 15ක සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක් ගෙවීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.
එසේම අදාළ අලියා රාජසන්තක කිරීමටද නියෝග කෙරුණා.
මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ මංජුල තිලකරත්න, ආර්.එස්.එස්. සපුවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.