වත්තල, පල්ලියවත්ත නිවසක සඟවා තිබූ කිලෝ 39 කට ආසන්න කේරළ ගංජා තොගයක් කැලණිය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර ඇති බව සඳහන්. පොලිස් භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවන බවයි පොලීසිය පැවසුවේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීමට සූදානම් කර තිබූ බවත්, අදාළ වැටලීමේදී සැකකරුවන් හය දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
- අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
- මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි
- ව්‍යාජ මුදල් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- බියගම මනුෂ්‍ය ඝාතනයක්
- VIDEO : පක්ෂ මතයට පිටින් ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගැන නිදහස් පක්ෂය තීරණයක් ගනියි
- ඇල්ල පුංචි සිරිපාදෙන් වැටුණු විදෙස් ජාතික දරුවෙක් බේරා ගැනේ
- වාහන ලියාපදිංචිය සහ අයිතිය පැවරීමේදී ටින් අංකය අනිවාර්යයි













