රුපියල් පන්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දීයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හරිත මාවත ඔස්සේ ඊයේ රාත්‍රීයේ පිටවී යාමට උත්සහ කිරිමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවා.
ආහාර පැකට්ටු 25ක අසුරා කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 700ක මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් තිබුණා .
23 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික තරුණිය ඇය තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි හරහායි මෙරටට පැමිණ තිබෙනවා.
සැකකාරිය හා ඇය රැගෙන ආ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.
මේ අතර තණමල්විල ප්‍රදේශයේ ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි තිබූ මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධික බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
අදාළ සැකකරු තණමල්විල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
පොලිසිය විසින් අදාළ ගංජා හේන ගිනි තබා විනාශ කර ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.