සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා වෙත මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එම වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ සැකකරු රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරන බවයි.
තවද ගණේමුල්ල සංජීව ඝාතනයට මෙම සැකකරු සම්බන්ධ දැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය මෙහිදී අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා රඳවාගෙන සිටින මෙම සැකකරු මහේස්ත්‍රාත්වරයෙකු විසින් නිරීක්ෂණය කර තිබේ දැයි පොලීසියෙන් ප්‍රශ්න කර තිබුනා.
ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරු නිරීක්ෂණයට ලක් කර ඇති බවයි.
ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.