ජාතික ජන බලවේගයට බලය හිමි යටියන්තොට ප්‍රාදේශීය සබාවේ 2026 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්ව තිබනවා.
අයවැයට පක්ෂව ඡන්ද 13ක්ද විපක්ෂව ඡන්ද 17ක්ද ලැබී තිබෙනවා.
අයවැය විවාදය පැවැති අතරතුර වතුකරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමත් සමගින් උණුසුම්කාරී තත්ත්වයක් හටගැනුණු බවයි වාර්තා වන්නේ.
අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදුන් අතර විපක්ෂව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණු, සර්වජන බලය සහ ස්වාධීන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සබාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැයද අද(20) දින වැඩි ඡන්දයකින් පරාජයට පත්ව තිබෙනවා.
අයවැයට පක්ෂව ඡන්ද 15ක් සහ අයවැයට විරුද්ධව ඡන්ද 16ක් ද ලැබුණු.
එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර සෙස සභිකයන් අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන සභිකයා අයවැය ඡන්ද විමසීමට සහභාගි වී නොමැති බවයි වාර්තා වන්නේ. මේ අතර තංගල්ල නගර සභාවේ අයවැයද එක් ඡන්දයකින් පරාජයට පත්ව තිබෙනවා.
තංගල්ල නගර සභාවේ පාලන බලය උසුලනු ලබන්නේ ජාතික ජන බලවේගය විසිනි.
නගර සභාවේ සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කරන ලද අයවැයට පක්ෂව ඡන්ද 9ක්ද විපක්ෂව ඡන්ද 10ක්ද ලැබීමෙන් මෙලෙස එක් ඡන්දයකින් අයවැය පරාජයට පත්ව තිබෙනවා.
තංගල්ල නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සභිකයින් 9 දෙනෙක් සිටින අතර සමගි ජන බලවේගයට සභික ධුර 5ක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 3ක්ද එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 01ක්ද සර්ව ජන බලයට සභික ධුර 01ක්ද හිමියි.












