ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන රට තුළ පවතින බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.
මෙරට ඉන්ධන ක්ෂේත්‍රයේ මෙහෙයුම් සිදු කරන විදෙස් සමාගම් තුනක් ඉදිරි මාස සඳහා ප්‍රමාණවත් සංචිත පවතින බවට දැනුම්දී ඇති බවයි අමාත්‍යංශයේ ලේක්ම මහාචාර්ය උදයංග හේමපාල මහතා කියා සිටියේ.
එසේම ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඉදිරි මාස දෙකකට ප්‍රමාණවත් සංචිත ඇති බවයි.
එසේම සිංගප්පූරුව හරහා දැනට ඇනවුම් කර ඇති ඉන්ධන තොග නියමිත වේලාවට ලබාදෙන බවට තහවුරු කර ඇති බවද බලශක්ති අමාත්‍යංජශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පවසනවා.