සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 65ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 10දී දවා ගැනීමට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා.
පන්දුවාර 10ක් අවසානයේ නොදැවී පන්දුවට පහර දෙන පර්වේස් හොසෙයි එමොන් ලකුනු 37ක් ලබා සිටින අතර නජ්මුල් හොසෙයින් සන්තෝ ලකුණු 12ක් ලබා සිටිනවා.
අද තරගයට සහභාගිවන ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකේම වෙනස්කම් සිදුව තිබෙනවා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබලම පන්දු යවන්නා වන ටස්කිස් අහ්මෙඩ් සහ ලිට්ටොන් දාස් කණ්ඩායමෙන් එළියට ගොස් ඇති අතර ඒ වෙනුවට සමිම් හොස්සෙයින් සහ හසන් මහ්මුද් කණ්ඩායමට පැමිණ තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මිලාන් රත්නායක සහ එෂාන් මාලිංග කණ්ඩායමෙන් ඉවත්ව ඇති අතර ඒ වෙනුවට දුනිත් වෙල්ලාලාගේ සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා තිබෙනවා.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මකයි.