අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
කැබිනට් මණ්ඩල තීරණයකට අනුවයි මෙසේ ගාස්තු සංශෝධනය සිදු වන්නේ.
කිලෝවොට් 5 දක්වා ඒකකයක් රුපියල් 20.90ක්, කිලෝවොට් 5 සිට කිලෝවොට් 20 දක්වා ඒකකයක් රුපියල් 19.61ක්,
කිලෝවොට් 20 සිට කිලෝවොට් 100 දක්වා ඒකකයක් රුපියල් 17.46 ක් ලෙසයි නව ගාස්තු සංශෝධනය වන්නේ.
බලශක්ති අමාත්‍යාංශය විසින් ජුනි මස 20 වැනිදා ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ ජුනි මස 16 වැනිදා සිට මෙම සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක බවයි.
2025 ජූනි 16 හෝ ඊට පසුව පද්ධති නිෂ්කාශන ගාස්තු ගෙවන සියලුම අයදුම්කරුවන්ට මෙම සංශෝධිත ගාස්තු අදාළ වනවා.