අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පර්සියානු බොක්ක ජාත්‍යන්තර සාගරය සමග සම්බන්ධ වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබෙනවා.
ඉරානයේ මෙම තීරණයත් සමග මෙමගින් ආසියානු රටවලට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි දැනටමත් මත පළවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ලෝකයේ ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් සියයට 20ක් පමණ සිදුවන්නේ මෙම පර්සියානු බොක්ක ආශ්‍රිතව වන අතර මෙහි පටුම මාර්ගය කිලෝමීටර් 54කින් යුක්ත වනවා. එම ප්‍රදේශය අයත් වන්නේ ඉරානයටයි.
එමෙන්ම ඉරානය ලෝක තෙල් නිෂ්පාදනයේ හත්වැන්නා වන අතර, ඔවුන් දිනකට තෙල් බැරල් මිලියන 4ක ප්‍රමාණයක් නිපදවනු ලබනවා.
කෙසේ වෙතත් ලෝක තෙල් නිෂ්පාදනයෙන් සියයට 9ක ප්‍රමාණයකට හිමිකම් කියන ඉරානයට සියයට 30ක වෙළෙඳ බලයක් හිමිව තිබෙන බවත් ඔවුන්ට එවැනි බලයක් හිමිව තිබෙන්නේ මේ හෝමුස් සමුද්‍ර සන්ධිය හේතුවෙන් වීම විශේෂත්වයක් බවත් සඳහන්.
මෙවන් පසුබිම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද අළුයම වන විට සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙන අතර ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75. 99ක් ලෙස සටහන් වූ අතර එය සියයට 2.91ක වැඩි වීමක්.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79. 18ක් ලෙස දැක්වෙන අතර එය සියයට 2. 82ක් වැඩි වීමක් ලෙස පෙන්නුම් කරනවා.