ඉන්දියාවේ අරුන්චාල් ප්‍රදේශ් වල මැග්නිටුයුබ් ඒකක 3.8 ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද අලුයම 5.06 ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි.
භූ කම්නයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් ස්ථානගත වී ඇති බවයි ඉන්දීය භූ විද්‍යා සමීක්සණ ආයතනය සදහන් කළේ.
භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ගිලා බැසීමට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.












