අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබූ එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත කිරීමට පෙර ගුවන්ගමන අවලංගු කිරීමට පියවර ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම යානය පසුගිය දා අනතුරට ලක්වූ AI 171 යානය වෙනුවට AI 159 ලෙස ක්‍රියාත්මක වු නව ගුවන්යානය වන අතර, බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් වන AI 159 ගුවන් යානය පස්වරු 1:10ට පිටත්වීමට නියමිතව තිබුණද, දෝෂයක් අනාවරණය වීමෙන් පසු ගුවන් ගත කිරීමට පැය කිහිපයකට පෙර එය නතර කර තිබෙනවා.
මෙලෙස ගුවන් ගමන අවලංගු කිරීම හේතුවෙන් මගීන් 200කට වැඩි පිරිසක් පීඩාවට පත් වූ බව ද සඳහන්.