ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
හෙට පෙරවරු 8.00 සිට පසුදින එනම් අනිද්දා ප.ව.2.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
ඒ අනුව බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශයේ සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇති.
අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.
උණුසුම් පුවත්
- බෙන්තොටදී මාලිමාවට සුපිරි ජයක් !
- බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
- නුවරඑළිය ආර්ථිකය වසා දමා ව්‍යාපාරිකයන් සහ ගොවීන් උද්ඝෝෂණයක
- අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීම ඇරඹෙයි !
- සීතල නුවරඑළිය හදිසියේම උණුසුම් වෙයි ? – VIDEO –
- රාජගිරියේ නිවසකින් නීති විරෝධී සුවඳ විලවුන් තොගයක් සොයාගැනේ
- අපි 21 නුගේගොඩ එන්නේ නැහැ – විමල් – VIDEO –
- කෙසෙල්ගමු ඔයේ මැණික් ගැරූ හතරක් අත්අඩංගුවට













