කාම්බෝජය සටන් විරාමය උල්ලංඝනය කළ බවට තායිලන්තය චෝදනා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ තායිලන්තය හා කාම්බෝජය සටන් විරාමයක් සඳහා ඊයේ සිය එකඟතාවය පළ කල බවයි.
තායිලන්තයේ වැඩබලන අග්‍රාමාත්‍යවරයා සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා අතර මැලේසියාවේදි ඊයේ පැවති සාකච්ඡාවලදීයි එම එකඟතාවයට එළඹ තිබුණා.
කෙසේ වුවද සටන් විරාමයක් සඳහා එකගවී පැය කිහිපයකට පසු කාම්බෝජය එම එකඟතාවය කඩකළ බවටයි තායිලන්තය චෝදනා කලේ
නමුත් අද උදෑසන ද දෙරටේ හමුදා ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවති බවද වාර්තා වනවා.
එහිදී දෙපාර්ශ්වයේම ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු හුවමාරුකර ගැනීමට එකඟතාවය පළවූ බවද සඳහන්.
දෙරට අතර දින 05 ක කාලයක් පුරා පැවති ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබුණා .