කල් ඉකුත් වු රියදුරු බලපත්‍ර අලුත් කිරීමට වේරහැර කාර්යාලයට පැමිණීමට ඉදිරියේදී අවශ්‍ය නොවන බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා පවසනවා.
මේ සදහා නව වැඩපිළිවෙලක් මසක කාලයක් ඇතුළත කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා සදහන් කළේ.
එහි මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
එමෙන්ම රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිකුත් කරනු ලබන වෛද්‍ය සහතිකය මුද්‍රිත පිටපතක් ලෙස ලබා දීම හේතුවෙන් සිදුවන අක්‍රමිකතා අවම කිරීම සදහා එය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාදීම පිළීබඳව අවධානය යොමු වුණා.