නුවර / කොළඹ ප්‍රධාන මාර්ගයේ දුර ගමන් සේවා සඳහා යොදවා ඇති මගී ප්‍රවාහන බස්රථ හදිසි පරීක්ෂාවට ලක් කෙරුණා.
රියදුරන් කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද හැකිවුණා.
නිරන්තරව සිදුවන බස්රථ අනතුරු වැළැක්වීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය මත දුරගමන් බස් රථ පරික්ෂාවට ලක් කෙරෙනවා.
මේ යටතේ නුවර / කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී දුර ගමන් සේවා බස් රථ හදිසි පරික්ෂාවට ලක් කෙරුණා.
ඒ යක්කල පොලිසියේ නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් එක්වයි.
අඩුපාඩුකම් සහිතව බස් රථ ධාවනය කළ ලංගම සහ පෞද්ගලික බස් රථ රියදුරන් කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කෙරුණා.
තවත් බස් රථ කිහිපයක අඩු පාඩු සම්පූර්ණ කරන ලෙස උපදෙස් දීමටයි පියවර ගැනුණේ.
ඇතැම් බස් රථවලට තහනම් නියෝග ද නිකුත් කෙරුණා.