විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රදේශ දෙකකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තිරුක්කෝවිල් පොලිස් වසමේ වෙම්බිඅඩිකුලම් ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ෂෝට්ගන් වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27ක් වූ ආලෙයඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු තිරුක්කෝවිල් පොලිසිය වෙත භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන තිරුක්කෝවිල් පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
මේ අතර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක්ද හම්බන්තොට තම්මැන්නාව කැලෑබද ප්‍රදේශයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් වන බදගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.