ඉන්දියාව සභාපතිත්වය දරණ මෙවර ජි 20 සමුළුවට සමගාමී රාජ්‍ය තාන්ත්‍රික හමු සහ රැස්වීම් මේවනවිටත් ආරම්භ වී තිබෙනවා.එවන් පසුබිමක් තුළ පකිස්තානයෙන් එල්ල වන බාධා මැඩපැවැත්වමින් ඉන්දියාව ජි 20 සමුළුවට සමගාමී හමු කිහිපයක් ජම්මු කාශ්මීරයේ පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ජි 20 සාමාජික රටවල සංස්කෘතික අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමක් ලබන මැයි මාසයේදී කාශ්මීරයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව ජි 20 සමුළුවට සමගාමී විවිධ හමු කාශ්මීරයේ පැවැත්වීම වැළැක්වීම සඳහා පකිස්තානය චීනය, තුර්කිය සහ සෞදි අරාබිය වැනි රටවලට ද බලපෑම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා කාම්බෝජ් පසුගියදා එම සංවිධානය හමුවේ පැවසුවේ ඉන්දියාව උතුරු කාශ්මීරයේ සිට දකුණේ කන්‍යාකුමාරි දක්වා ජි 20 සමුළුවට සමගාමීව රට පුරා රැස්වීම් 56 ක් පමණ පැවැත්වීමට සූදානමින් සිටින බවයි.
උණුසුම් පුවත්
- රෙන්ට් එක ගත්ත බයික් හොරෙන්ම විකුණූ අයෙක් අල්ලයි
- බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
- දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්













