ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හරහා අරමුදල් ලබාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් පාර්ශව සම්බන්ධයෙන් රජය විසින් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.
ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ USAID ආයතනය, මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල අස්ථාවරත්වයක් ඇති කිරීමට යොදාගත් බවට වාර්තා පළ ව ඇති බවයි ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සදහන් වන්නේ