ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කල තීරණාත්මක යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම යෝජනාවට සිය නිෂේධ බලය භාවිත කරමින් ප්‍රතික්ෂේප කිරීමටයි ඊයේ අමෙරිකාව පියවර ගනු ලැබුවේ.
ආරක්ෂක කවුන්සිලයේදී නිෂේධ බලය භාවිත කිරීමට හැකි රටවල් ඇත්තේ 05ක් පමණයි.
එම බලය හිමි සෙසු රටවල් වන්නේ චීනය, ප්‍රංශය, රුසියාව සහ එංගලන්තයයි.
ජගත් ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 14 දෙනෙකු විසින් මෙම යෝජනාව අනුමත කළා.
එම යෝජනාවෙන්, හමාස් සහ අනෙකුත් කණ්ඩායම් විසින් රඳවාගෙන සිටින සියලුම සිරකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කරමින්‘සියලු පාර්ශවයන් විසින් ගාසා තීරයේ වහාම, කොන්දේසි විරහිතව සහ ස්ථිර සටන් විරාමයක්’ ඉල්ලා සිටියා.
මෙම යෝජනාවසකස් කර ඇත්තේ කවුන්සිලයේ සාමාජික රටවල් 10ක් විසින්.
මැදපෙරදිග අමෙරිකානු නියෝජ්‍ය විශේෂ නියෝජිත මෝගන් ඔර්ටගස් මේ පිලිබදව පවසා ඇත්තේ අමෙරිකාවේ ප්‍රතිචාරය පුදුමයක් නොවන බවයි.