මේ වසරේ පළමු මාස පහ තුළ දී විදෙස් සංචාරකයන් දසලක්ෂ විසිනවදහස් අටසිය තුන්දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
මැයි මාසයේ දී විදෙස් සංචාරකයන් එක්ලක්ෂ තිස්දෙදහස් නවසිය දහනවදෙනෙකු මෙරටට පැමිණියා.
මෙම වසරේ දී වැඩිම විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ දීයි.
සෑම මාසයකම පාහේ දිවයිනට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනුයි.