ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය යනුවෙන් හඳුන්වා ගත් කණ්ඩායමක් පදනමක් රහිතව සුරාබදු දෙපාර්තමේන්තුව මූලික කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රකාශ හා නිවේදන නිකුත් කරන බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ව්‍යාජ සංගමය පදනම් විරහිත මාධ්‍ය නිවේදන හා පුවත්පත්වල ලිපි පළ කරමින් ජනතාව තුල රජය සම්බන්ධයෙන් අප්‍රසාදයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවයි .
“බදු ශක්ති “වැඩ සටහන මූලික කර ගනිමින් 2025.06 මස .14 වන දින එම සංගමයේ රැස්වීමක් දිවයිනේ ප්‍රධාන පෙලේ මත්පැන් නිෂ්පාදන සමාගමක අනුග්‍රහයෙන් පවත්වා තිබෙනවා.
එම සමාගමේ පරිගණක ආශ්‍රිත ඉදිරිපත් කිරීමක් මඟින් මත්පැන් හඳුන්වා දෙමින් මත්පැන් ප්‍රවර්ධනයක් සිදු කිරීමට කටයුතු කර ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව අණාවරණය කරනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු තවත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම් පැවැත්වෙන බවයි ඔවුන් ප්‍රචාරය කර ඇත්තේ.
මේ අතර ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් 2025 ජනවාරි සිට ජූනි 30 දක්වා කාලය තුළ රුපියල් බිලියන 120.5 ක අදායමක් උපයා දී තිබෙනවා .
එය මුදල් අමාත්‍යාංශයලබා දී ඇති ඉලක්කය ඉක්මවා 102.6 % ක ප්‍රගතියක් බවයි සඳහන් වන්නේ .
උණුසුම් පුවත්
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්
- හැටන් නගරයේ සාප්පුවකින් රන් මාලයක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට
- රුසියානු කාන්තාවක් දියේ ගිලී මරුට
- සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ













