මේ වසරේ අග භාගය සහ 2026 වසරේ මැද භාගය අතර කාලයේ උද්ධමනය ඉලක්ක ගත මට්ටමට වඩා ඉහළ යා හැකි බව මහ බැංකුව පවසනවා.
කෙසේ වෙතත් එය තාවකාලික තත්වයක් වනු ඇති බවයි මහ බැංකුව පෙබරවාරි මාසය සදහා නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වෙන්නේ.
ඉදිරියේදී මතුපිට උද්ධමනය තවදුරටත් අඩු වනු ඇති අතර මැදි කාලීනව එය සියයට පහක ඉලක්ක ගත මට්ටමට ස්ථායි වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරනවා.