උතුරේ පොල් වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ඉඩම් අක්කර 16ල000ක පොල් වගා කිරීමට කටයුතු කරන බවයි ධීවරල ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසන්නේ.
ඊට අදාළ ඉඩම් දැනට හඳුනාගෙන ඇති බවත් ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමට එම පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කිාය සිටියා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පොල් වගාව නිසි අයුරින් පවත්වාගෙන යාම තුළින් අනාගතයේදී එම කලාපයේ ආර්ථික තත්ත්වය සමෘද්ධිමත් විය හැකි බවයි.